hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 05, ප.ව. 5:31



සමාජ තුළ දැඩි කතාබහකට ලක් වූ ජෙරම් පාස්ටර්ගේ ආරක්ෂක නිලධාරින් සහ නාවලපිටිය මිපිටිය ගම්මාසීන් අතර අද (05) දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා.

ඒ, මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

ගම්වාසින් සහ පාසටර්වරයා අතර ඇති වු දැඩි උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ට මැදිහත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී ගම්වාසින් චෝදනා කර සිටියේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් ඉදි කරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවයි.

මෙහි සිදු කරන ඉදි කිරිමක් සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් කර නොමැති බවටද ගම්වාසීන් චෝදනා කරනවා.

ගම්වාසින්ගේ දැඩි විරෝධය හමුවේ පාසටර් ජෙරම් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Example Image