hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 11, පෙ.ව. 6:12



පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් උතුරේ තරුණියන් විශාල ප්‍රමාණයක් දකුණේ පෞද්ගලික අංශයන්හි රැකියාවන්හි නිරතවන අතරවාරයේදී සැලකිය යුතු පිරිසක් ගණිකා ජාවාරම්හීද නිරත වන බවට වාර්තා වෙනවා.

පසුගියදා කොළඹ, මරදාන ප්‍රදේශයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 19 දෙනාගෙන් 11 දෙනෙකුම මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

එහිදී අදාල තරුණියන් පොලීසයට පවසා ඇත්තේ තමන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන නමුත් තමන්ගේ පවුල් රැකබලා ගැනීමට මුදල් යැවීමට සහ තමන්ට ජීවත්වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙන බවයි.

මෙලෙස දකුණේ ඇතැම් තැරව්කරුවන්ද උතුරු පලාතට පැමිණ පෞද්ගලික ආයතනයන්හි රැකියා ලබාදෙන බවට පවසා උතුරේ තරුණියන් රවටා දකුණු ප්‍රදේශයට රැගෙන ගොස් ඉතා සීමිත කලකින් ගණිකා වෘත්තියට යෙදවීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක අතර අදාල තරුණියන් බොහෝ පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් එය හෙලිකිරීමට නොහැකිව අසරණව සිටින බවටද උතුරේ කාන්තා සංවිධාන මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.