hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 8:07



නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට වරාය, තෙල්, විදුලි සහ ජල සේවකයින් ද අද දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා.

මේ අතර, රජය විසින් පනවනු ලැබූ නව බදුවලට විරෝධය පළ කිරීම සඳහා අද (08) උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙරට වෘත්තීයවේදීන් දස දහස් ගණනක් හෙට දිනයේදී කොළඹ හයිඩ් පිටියට පැමිණීමට නියමිත බවයි.

එමෙන් ම වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අනෙකුත් සියලු වෘත්තිය සමිති සහ විද්‍යායතන සමග එක්ව හෙට දිනයේදී හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වන විට තීරණය කර ඇති බව එහි දැක්වෙනවා.

මේ අතර බැංකු සේවකයින්ද නව බදු සංශෝධනයට එරහිව අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක මහතා සඳහන් කළා.

මේ අතර වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවා.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි මහතා වැඩිදුරටත් පැවසුවා.