hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 21, ප.ව. 5:25



විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (20) පැවසුවා.

එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ පෙරේදා (19) සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයට පැමිණ සිය විරෝධය පළ කළා.

එම අවස්ථාවේ සිවිල් ක්‍රියාකාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන අතර උණුසුම් තත්වයක් ඇති වුණේ මෙලෙසයි,