hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 4:32



රට තුල පවතින ආර්ථික තත්ත්වය ඉහල මට්ටමකට පත් කරන ලෙස සහ වතු කම්කරු ප්‍රජාව මෙරටට පැමිණ වසර දෙසියක් සපිරිම නිමිත්තෙන් එම ජනතාවට අශිර්වාද පතා විශේෂ ආශිර්වාද පුජාවක් නුවරඑලිය සිතාඑලිය  සිතෙයිඅම්මාන් හින්දු කොවිලේදි පැවැත්වුණා.

2023 වසර වන විට මේ රට තේ වගාව සදහා වතු කම්කරුවන් පැමිණ වසර දෙසියක් සපිරෙන බවත්, එම ජනතාවගෙන් පැවැත එන කදුකර ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම ආශිර්වාද පුජාව පැවැත්වුණා.

එම කොවිලේ ප්‍රධාන භාරකරු වන නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු එම කොවිලේ පරිපාලක සභාවේ නිලධාරින් සහ කදුකර ජනතාව සහභාගි වූ බවයි වාර්තා වන්නේ.