hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 5:23



උදාවන නත්තලට සමගාමීව අද (25) දිනයේ සිරකරුවන් 309 දෙනෙකු සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පිරිමි රැඳවියන් 306ක් සහ ගැහැනු රැඳවියන් 03 දෙනෙකු නත්තල් සමාව යටතේ නිදහස් වීමට නියමිතයි.

සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි සහ වෙනත් හේතුන් මත බන්ධනාගාර වු පිරිසකට මෙලෙස නත්තල් සමාව හිමි වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.