hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:33



සති තුනකට ආසන්න කාලයක් තිස්සේ බදුල්ල දුම්රිය ස්ථානයේ ගොඩගැසී ඇති කසල බදුල්ල මහ නගර සභාවෙන් රැගෙන නොයාම හේතුවෙන් දුම්රිය පරිශ්‍රයේ දැඩි දුර්ගන්ධයක් පවතින බව ජනතාව පවසනවා.

දුම්රිය වාර ගනණාවක් ක්‍රියාත්මක බදුල්ල දුම්රිය ස්ථානයේ දෛනිකව එක්රැස්වන කැළි කසල දිරන නොදිරන ආකාරයෙන් වෙන් කොට දුම්රිය ස්ථානයේම එක් අන්තයක ගොඩගසා තිබෙනවා.

එම ගොඩගසා ඇති කසළ තුලින් දැඩි දුර්ගන්ධයක් හමන අතර ඒ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු ජනතාවද දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

සති තුනක පමණ කාලයක් තිස්සේ බදුල්ල මහ නගර සභාවෙන් මෙම කැළි කසල රැගෙන යාමට නොපැමිණි බව ඒෂියන් මිරර් කල විමසීමේදී දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු සදහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත මහතාගෙන් අප කල විමසීමේදී තමන් මේ පිළිබදව නොදන්නා බවත් සිදුව ඇති තත්වය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනා බවත් සදහන් කලා.

බදුල්ල – ජයලත් දිසානායක