2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 4:48
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24