hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 1:44



දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එහි දැක්වෙනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.