hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 3:25



නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ලබන 19 සහ 20 වන විට මෙරට උතුරු වෙරළට ආසන්නව මෙම අඩු පීඩන කලාපය ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි ඇති විය හැකියි.

මේ අතර උතුරු අක්ෂාංශ 07ත් 20ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 50 – 55 පමණ වන අතර විටින් පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වී තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 – 3ත් අතර ඉහළ යා හැකියි.

එමෙන්ම මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.