hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 12:00



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එම වාර්තාවේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය සටහනට අනුව සූර්යයාගේ උතුරු දෙසට සාපේක්ෂ චලිතය මත, එය මේ වසරේ අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද (10) දහවල් 12:11 ට පමණ උඩප්පු, ආඬිගම, පිඩිවිල්ල, බකමූණ, නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන්ව පවතින ශ්‍රී ලංකාවේ ආසන්නතම ප්‍රදේශ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: