hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 4:16



දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාව පවතින බැවින් ප්‍රදේශ රැසක එලෙස වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයිකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.