hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 31, ප.ව. 7:34



බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර 290 ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින අතර, එය අද දිනයේ මඩකලපුව සහ පොතුවිල් අතරින් මෙරටට ඇතුලුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි බලපෑමෙන් උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන සඳහන් කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.