2024 නොවැම්බර් 28, පෙ.ව. 12:00
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින පෙ. ව. 08.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඊයේ දින ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු–මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං පවතී .
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:11
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26