hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:00



අද (29) දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං මෙන්ම, අකුණු අනතුරු සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: