hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 17, ප.ව. 5:00



මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධාවක් මතු තිබෙනවා.

මෙසේ දුම්රිය මාර්ගයේ පිහිටි පාලම අබලන් වීම මත කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමේන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් පවතිනවා.

මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා මේ නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.

මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බව දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති අතර ඒ දක්වා කාලය තුල වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු වන බවයි වාර්තා වන්නේ.