hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 20, ප.ව. 10:03



නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් නානු ඔය ප්‍රදේශයේදී අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් හෝ ගුරුවරුන් අනතුරෙන් මියගොස් හෝ බරපතල තුවාල ලබා නොමැති බව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රකාශ කළා.