hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 9:21



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන නුවරඑළිය බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අද (3) දහවල් වැල්ලවාය ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.

ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ජනාධිපතිවරයා රැඟත් හෙලිකොප්ටර් යානය වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගනයට මෙලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව සඳහන්.

නැවත පිටත්ව යාමට වාහනයක් එනතුරු ජනාධිපතිවරයා බුදුරුවගල පාසලේ විනාඩි 50ක පමණ කාලයක් රැඳී සිට තිබෙනවා.

එහි දී පාසල් සිසු සිසුවියන් ද එහි පැමිණ සුහද කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා වැල්ලවායේ සිට නුවරඑළිය දක්වා ගොඩබිම් මාර්ගය ඔස්සේ පිටත්ව ගොස් තිබුණා.