2022 ජූලි 27, ප.ව. 4:06
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
ඒ අද(27) ජනාධිපති කාර්යාලයේ දීයි.
ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පළ කර තිබෙනවා.
දෙරට ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.
නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
2025 මාර්තු 22, පෙ.ව. 12:31
2025 මාර්තු 22, පෙ.ව. 12:29
2025 මාර්තු 22, පෙ.ව. 12:24
2025 මාර්තු 22, පෙ.ව. 12:24
2025 මාර්තු 22, පෙ.ව. 12:24