hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 06, පෙ.ව. 7:49



කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත් , සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා දන්වා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි “බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ” කාර්යභාරයට බැඳි සිටින රජය විසින් වහා කරුණු පරික්ෂා කොට, ආරම්භයේදීම මෙවන් ක්‍රියාවන් වළක්වාලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස හේතුවන බවත්, මේ සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මල්වතු – අස්ගිරි උභය මහා විහාරාධිපතිහිමිවරු සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණා.