hit counter

2026 මැයි මස 29 වන සිකුරාදා

2022 ජූලි 25, පෙ.ව. 12:04



ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම ,සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.