hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 11:21



සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

අද අලුයම 03.50ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 663 දරන ගුවන් යානයෙන් ඔහු පළමුවෙන්ම පිටත්ව ගොස් තිබෙනවා.

එතැන් සිට ඔහු වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු ඇමෙරිකාවේ ප්‍රසංග 10 කට පමණ සහ කැනඩාවේ ප්‍රසංග 05 කට පමණ සහභාගී වීමට නියමිතයි.

රන්ජන් රාමනායක මහතා පෙරේදා රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද, ඔහු වෙත අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනම නිසා එම ගමන ව්‍යයර්ථව ගොස් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: