2025 දෙසැම්‍බර් 03, ප.ව. 1:58
රඹුක්කන, වහව හන්දියේ පිහිටි රණුල් ඉන්ඩස්ට්‍රීස් (Ranul Industries) කර්‌මාන්තශාලාව, පසුගිය දිනවල ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (Medical Supplies Division) වෙත සැපයීම සඳහා උසස් ප්‍රමිතීන් (High Standards) යටතේ ශල්‍ය ගෝස් (Gauze) නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනයකි.
මෙම කර්මාන්ත ශාලාවේ ශල්‍ය ගෝස් විරංජනය කිරීමේ (bleaching) ක්‍රියාවලිය ඇතුළු ඊට අදාල සියලු නිෂ්පාදන කටයුතු ඉහළම ප්‍රමිතියට අනුකූලව සිදු කෙරේ.
ගංවතුරෙන් කර්මාන්ත ශාලාවට වූ හානිය අතිමහත් බව වාර්තා වෙනවා.
ආයතනය සතුව තිබූ යන්ත්‍ර සූත්‍ර (machinery/equipment) සියල්ලක්ම පාහේ විනාශ වී ඇත. නිෂ්පාදනය සඳහා භාවිත කරන කපු නූල් ඇතුළු අමුද්‍රව්‍ය (Raw Materials) තොගයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
නිෂ්පාදනය කර අවසන් කර තිබූ ශල්‍ය ගෝස් විශාල තොගයක්ද මෙම ආපදාව හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:22
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:13