hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:13



මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ පළපුරුදු නිලධාරියෙකි.

රවී සෙනෙවිරත්න අද දහවල් සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

ඔහු බත්තරමුල්ල, සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එම අමාත්‍යංශයේ ලේකම් ලෙස මීට පෙර කටයුතු කළේ වියානි ගුණතිලකය.