2023 මාර්තු 29, ප.ව. 3:44
පාරිභෝගිකයකු සන්නිවේදන ආයතනයකින් (communication) ජංගම දුරකථනය සඳහා යම් මුදලක් රී ලෝඩ් කිරීමෙන් පසුව, එම මුදල අදාළ දුරකථනයට ලැබී නැත්තේ සේවාදායක සමාගමේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනිවාර්යයෙන් ඒ සම්බන්ධව තාක්ෂණික විගණනයක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය පැවසුවා.
රී ලෝඩ් එකක් ජංගම දුරකථනයට යොදා ගැනීමෙන් පසුව එය දුරකථනයට ලැබී නැතිනම් මුලින්ම, අදාළ රී ලෝඩ් එක යෙදූ ස්ථානයෙන් ඒ පිළිබඳව විමසා තහවුරු කරගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් යම් ගැටලුදායක තත්වයක් පවතී නම් මුලින්ම කළ යුත්තේ සේවා දායක සමාගමට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවද අධ්‍යක්ෂවරිය කියා සිටියා.
අදාළ සමාගමෙන්ද ඊට සතුටුදායක පිළිතුරක් නොලැබුණේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බවද ඇය පැවසුවා.
අදාළ පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලක් වියයුතු බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම විසින් සේවාදායක සමාගමෙන් විමසීමක් කරන බවත්, අදාළ විමර්ශන වාර්තාව සේවාදායක සමාගම විසින් කොමිසමට දින 14ක කාලයක් තුළදී එවියයුතු බවත් ඇය කියා සිටියා.
සේවාදායක සමාගම ලබාදෙන පිළිතුර පිළිගත හැකිනම් ඒ පිළිබඳව විගණනයක් සිදු නොකෙරෙන බවත්, නමුත් එම පිළිතුර සැක සහිත නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනිවාර්යයෙන්ම තාක්ෂණික විගණනයක් සිදුකරන බවත් ඇය සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:51
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06