hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 14, ප.ව. 8:26



ප්‍රකට දේශපාලනඥ රෙජිනොල්ඩ් කුරේ මහතා හෝටලයක පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වූ බවට ඊයේ (13) උදෑසන වාර්තා වුණා.

කුරේ මහතාට මෙලෙස හෘදයාබාධය ඇතිවූයේ අතිශය දරුණු සංවාදයකින් පසුව බවටත් එම සංවාදය සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සමග ඔහු කළුතර අපේක්ෂක නාමයෝජනා සකසමින් සිටියදී බවත් වාර්තා වෙනවා.

මෙම කාරණාව හේතුවෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා තිබෙනවා.

චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියා,

“වෙලා තියෙන දේ මගේ හස්බන්ඩ් පොඩ්ඩක් අසනීප තත්වේ තිබුණේ. නමුත් ඉතින් දේශපාලනය කියන දේට එයා ගොඩාක් ඇලුම් කරපු කෙනෙක්. ඒ නිසා ඊයේ හවස සන්ධානයේ කැඳවුම්කරු විදිහට ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා කැඳවලා තිබුණා මේ සාකච්ඡාවක්. මේ පක්ෂවල සාකච්ඡාවක්. ඉතින් එන්න ඒකට මේ අපි මේ මගේ ඒකට සහභාගි වෙන්න ගියා. ඒ ගියායින් පස්සේ එතන සන්ධාන ගත වෙච්ච සියලුම පක්ෂ එතන පේන්න ඒ සාමාජිකයෝ දැකලා තිබුන් නැහැ. හතර දෙනෙක් තමයි ඉඳලා තිබුණේ. ඉතින් ඒ ඒක නිසා මගේ හස්බන්ඩ් අහලා තියෙනවා මේ මෙච්චරද ඉන්නේ මේ මේ අපි මේ කට්ටියත් එක්ක මේක කරන එක හරි නැහැ. අනිත් අයටත් මේ එන්න කියන්න ඕනේ නේද? පක්ෂවල නියෝජිතයෝ මෙතන්ට පැමිණෙන්න ඕනේ නේද? මේ අපි මෙහෙම කරන එක හරි නැහැ. ඊට පස්සේ එතන හිටපු ගෙවිඳු කුමාරතුංග කියලා ඔයාට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයා. ඔයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කාර්ය කරලා ඔයා එතනින් මේවා වෙන්න. ඔයාට අපේ පක්ෂේ ගැන අහන්න අයිතියක් නැහැ කියලා තදින් කතා කරලා තියෙනවා. ඒ ඒකෙදි මගේ හස්බන්ඩ් හිටියේ ටිකක් අසනීප තත්වයෙන්. නමුත් මගේ හස්බන්ට් එක්ක එයාගේ පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි මහතා සහ තව පානදුර කළමනාකරු නිශාන්ත මහත්තයා ඉදිරිපත් වුණා.

“ඉතින් සෝමසිරි මහතා කියලා තිබ්බා මේ අසනීප තත්වයෙන් ඉන්නේ ඒකත් එක්ක වැඩිය මේ ඕක නවත්තන්න එහෙම කියලා. ඒ වුණාට ගෙවිඳු කුමාරතුංග එතුමා ඒක නවත්තලා තිබ්බේ නැහැ. ඒක ටිකක් තදින් කතා කරලා තිබ්බා. ඒ එක්කම මගේ හස්බන්ඩ් එතනම හාට් ඇටෑක් තත්වෙට පත්වුණා. එහෙම්මම පපුව අල්ලගෙන වාඩි වෙච්ච වාඩිවිල්ල අස්ථාවර දේශපාලනයේ ස්ථාවර මනුස්සයෙක් නැතිවීම විතරයි සිද්ධ වුණේ. මම ගෙවිඳු කුමාරතුංග වගේ පරිණත මහත්මයෙක්ගෙන් ඉල්ලනවා. දේකට සම්බන්ධ වෙනකොට මොන මානසික පීඩනයක හිටියත් ඒ කතා කරන දේවල් හරි සංයමයෙන් යුතුව කතා කරන්න කියලා. මොකද එයා යුතුකමේ සංවිධායකවරයා විදිහට මෙතෙන්ට එන්නේ. මං හරි වේදනාවෙන් කතා කරන්නේ. මොකද මගේ මහත්තයා මේ හරිම සාධාරණ මනුස්සයෙක්. මෙච්චර කල් එයා අවුරුදු හතළිස් ගාණක දේශපාලන ඉතිහාසයක් එතුමාට තියෙනවා. ඒ සියලු දෙනා හරි ම නිදහස, සාධාරණව, හරි ම කාලය ගත කරපු කෙනෙක් එයා. ඉතින් ඒ නිසා එයාට අයුක්තිය, අසාධාරණය පෙන්නන්න බැහැ.

නමුත් මේ යුතුකමෙන් මොනවයින් හරි එන අය ඒ වගකීම් දරාගෙන හොඳට හිටියා නම් අද මගේ සාධාරණ මනුස්සයා නැති වෙන්නේ නැහැ කියන එක මම හිතනවා. මම ඒක වගකීමෙන් කියනවා. මොකද විශේෂඥ වෛද්‍යවරයාගේ අවසන් නිගමනය වුණේ ඒ වෙලාවේ ආපු පීඩනය හදවතට දරාගන්න බැරි වීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මම එතුමාගෙන් ඉල්ලලා හිතා ඉන්නවා එතුමා නැවත දේශපාලනයේ හිටියත්, දැන් මගේ හස්බන්ඩ් දේශපාලනයේ නැහැ. මං ගෙවිඳු කුමාරතුංගගෙන් ඉල්ලලා හිටිනවා ආයි ඔය වගේ ඔවැනි තත්ව වෙන කාටවත් ඇති කරවන්න එපා කියන එක.”