hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2022 ජූනි 06, පෙ.ව. 4:31



රට තුළ පැවති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විශාල ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇති බවට මෝල්හිමිකරුවෝ චෝදනා කරයි.

ඔවුන් පවසන්නේ රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 3,000ක් පමණ පැවති අතර මේ වන විට එම ප්‍රමාණය 700 ක් පමණ දක්වා අඩු වී ඇති බවයි.

නුදුරේදී සහල් කිලෝවක් රුපියල් 500ය දක්වා ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඉකුත් කන්නයේ රජය විසින් ගන්නා ලද රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය මෙරට ගොවිබිම් වෙත දැඩි බලපෑමක් එල්ල කළා.

ඒ හේතුවෙන් පොහොර අර්බුදයක් නිර්මාණය වූ අතර ගොවින් රැසක් ගොවිතැන්වලින් ඉවත්වීම හා අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙකී අර්බුදය සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ උද්ගත වූ පොහොර අර්බුදයත් සමග රට තුළ ක්‍රියාත්මක වූ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විශාල ප්‍රමාණයක් වැසි ගොස් ඇති බවයි.