hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 12, ප.ව. 5:43



දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210ක්.

ඒ අනුව මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම සැපයීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි.

කෙසේවෙතත් රතු සහ සුදු සහල් සදහා රජය මගින් පෙරේදා (10) රාත්‍රියේ සිට පාලන මිලක් නිකුත් කිරිමත් සමග හැටන් සතොස ශාඛාවෙන් සහල් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සතොස ශාඛාව මගින් රතු සහල් කිලෝවක් රු 210 උපරිම සිල්ලර මිලකට ලබාදුන් අතර එම පාරිභෝගිකයන්ට තිරිගු පිටි කිලෝ 3 ක් සහ සිනි ග්‍රැම් 500 නිකුත් කිරිමට එම සතොස ශාඛාවේ සේවකයින් පියවර ගෙන තිබුණා.

සුදු සහල් තොග එම සතොස ශාඛාවට ලැබි නොමැති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මේ අතර රතු සහ සුදු සහල් සදහා පාලන මිලක් රජය මගින් නිකුත් කර තිබුණද එම මිලට සහල් මෝල්කරුවන් විසින් තමන්ට සහල් නිකුත් නොකරන බවත්, ඒ අනුව තමනට රතු සහ සුදු සහල් කිලෝවක් රු 240-250 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවයි හැටන් නගරයේ සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

තවද තමන්ගේ ඉල්ලුමට සරිලන සහල් සැපයුමක් සහල් මෝල්කරුවන්ගෙන් නොලැබෙන බවත් සහල් මිල වැඩිවිම හමුවේ පාරිභෝගිකයන් සහල් මිලදි නොගන්නා බවයි වෙලෙදුන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ