hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 24, පෙ.ව. 4:45



වී මෝල් යන්ත්‍රවල අමතර කොටස් මිල ඉහලයාම, ඉන්ධන අර්බුදය, බැංකු ණය පොලී මුදල ඉහල යාම ආදි හේතු නිසා දකුණු පළාතේ සුළු පරිමාණ වී මොල් හිමියන් ගැටළු රැසකට ලක්ව ඇති බව ඔවුන් පවසනවා.

මේ වන විට දකුණු පළාතේ සුළු පරිමාණ වී මෝල් රැසක් වැසී ගොස් ඇති බව සුළු පරිමාණ වි මෝල හිමියන් පවසනවා.

ලබා ගත් ණය මුදල් සදහා සහනයක් ලබාදෙන බව සදහන් කළද මේ වන විට ණය වාරිකය සමග ණය පොලි මුදලද බැංකු මගින් අය කරන බව ඔවුහු පවසනවා.

ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා ඇතැම් වි මෝල් හිමියන්ගේ දේපල වෙන්දේසි කිරිමට පවා ඇතැම් බැංකු මගින් කටයුතු කරමින් සිටින බවද සුළු පරිමාණ වි මෝල් හිමියන් පෙන්වා දෙනවා.

බැංකු මගින් ලබා ගත් ණය මුදල් සදහා පොලි සහනයක් ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිනවා.

රුපියල් 18000ක මුදලට තිබු වි තලන රබර් පෙට්ටියක මිල මේ වන විට රුපියල් 42000 දක්වා වැඩි වි ඇති බවද සුළු පරිමාණ මෝල් හිමියන් පවසනවා. 

පොලිසැක් බෑග්වල මිලද ඉහල ගොස් ඇති අතර කිලෝ 50ක සහල් දැමිය බෑගයක් රුපියල් 85ක් වන අතර කිලෝ 25 බෑගයක් රුපියල් 61ක් හා කිලෝ 10ක බෑගයක් රුපියල් 44 ක් බවද වි මෝල් හිමියන් පවසනවා.

වලව රුහුණු  වි මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පි.ආර් බන්දුල මහතා මෙසේ සඳහන් කළා,

“බැංකු ණය ගෙවා ගැනිමට නොහැකිව සුළු පරිමාණ වි මෝල් හිමියන් දැඩි අසරණ තත්වයට පත්වෙලා තියෙනවා. බැංකු ණය පොලි මුදල වැඩි කරලා. බැංකු ණය සදහා සහණයක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. ගොවින් සතුව වි තොග තියෙනවා. නමුත් ගොවින් වි මෝල් සදහා වි ලබා දෙන්නේ නැහැ. කොළඹ නගරයේ සිට ප්‍රඩෝ රථ මගින් ආපු ව්‍යාපාරිකයින් වි කිලෝව රුපියල් 220 වගේ මිලට අරගෙන ගියා මේ නිසා තමයි සහල් මිල වැඩිවුනේ. රජයේ පාලන මිලට සහල් කිලෝවක් දිමට වි කිලෝවක් රුපියල් 120ක මුදලකට තමයි ගන්න වෙන්නේ  වි කිලොවක් සදහාද උපරිම මිලක් නියම කළ යුතුයි.”