hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:26



ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් ආනයනය කරන සහල් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු ඒවා බව තම මතය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

කොළඹ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.

එම ආනයනික සහල් නිෂ්පාදනය කිරීමේදී මෙරට භාවිතා නොකරන රසායනික ද්‍රව්‍ය සහ බාල පොහොර වර්ග භාවිතා කර ඇතැයිද ඒ මහතා කියා සිටියා.

එනිසා ආනයනික සහල් වර්ග මනුෂ්‍යයන්ට වඩා සුදුසු සතුන්ට බවද පැවසූ ඔහු එනිසා සත්ව ආහාර ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනය ඉවත් කරගත හොත් එම සහල් ප්‍රමාණයක් සත්ව පරිභෝජනය සඳහා යොදා ගත හැකි බව ද පැවසුවා.

මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් පමානය ලබා දීමට මෙරට ගොවියා ශක්තිමත් වී ඇතැයිද ඒ මහතා තවදුරටත් කියා සිටියා.