2022 ඔක්‍තෝබර් 27, ප.ව. 4:59
සහල් වැඩි මිලට අලෙවිකල බවට වරද පිළිගත් ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක දඩ මුදලක් ගෙවීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (27) පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝග කළා.
2022 ජූනි මස 16 වන දින බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් පස්සර නගරයේදී වැටලීමක් සිදුකර තිබුණා.
එහිදී වැඩි මිලට සහල් අලෙවි කල පුද්ගලයින් තිදෙනෙකුට විරුද්ධව නඩු පැවරූ බවත් එදින අධිකරණයේදී ව්‍යාපාරිකයින් තිදෙනා නිවැරදි කරුවන් ලෙසට කරුණු දැක්වීම නිසා පැමිණිල්ල විභාගයට ගැනීමට අධිකරණය කටයුතු කල බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න මහතා සදහන් කළා.
අනතුරුව ඊයේ (27) දින පැවති නඩු විභාගයේදී ව්‍යාපාරිකයින් සහල් වැඩි මිලට අලෙවි කල බවට වරද පිළිගත් බවත් ඒ අනුව මහේස්ත්‍රාත් තුමන් විසින් මෙම දඩ මුදල නියම කල බැව් යාපාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.
මෙම වැටලීම් සදහා එම්.පී.එස්.භණ්ඩාර, එස්.ආර්.ඩී.එස්. චතුරංග, ඒ.ආර්.එම්. ෆස්ලි, එන්.එම්. රිෆ්කි, අයි.එම්. නුස්කි යන විමර්ශන නිළධාරීන් සහභාගිවී තිබෙනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11