hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූනි 20, පෙ.ව. 2:53



ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය රජය ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු උපදේශක කමිටුවක ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයිශංකර් සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සදහන් කළේ.

ශ්‍රී ලංකා මුහුණ දී සිටින විවිධ ගැටලු‍ සහ ඒ තුළ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව මෙහිදී ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව එම ට්විටර් සටහනේ දැක්වෙනවා.

මෙම දුෂ්කර අවස්ථාවේ සිය අසල්වැසියා සමඟ එක්ව නැගී සිටීමේ අවශ්‍යතාවය සදහා සහයෝගය ලබා දීමට එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා.