hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:02



බ්‍රිතාන්‍යට සංක්‍රමණය වන විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයාගත යුතු අවම වැටුප ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මේ වනවිට විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයා ගත යුතු වැටුප පවුම් 26,200ක් පමණ වන අතර නව සැලැස්ම යටතේ එය 38,700 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සංක්‍රමණික ගැටලු විසදීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු මෙම නව සැලසුම යටතේ සංක්‍රමණිකයින්ගේ රැකියා පිළිබඳ නීති දැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, නීත්‍යානුකූලව සංක්‍රමණය වීමේ දී ශ්‍රමිකයින් සිය පවුල්වල සාමාජිකයින් සමග සංක්‍රමණය වීමට අවස්ථාව හිම වන්නේ ද යන්න පිළිබඳ නීති දැඩි කෙරෙනු ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මෙම සැලසුම ඉදිරිපත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: