hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 9:42



රූපලාවන්‍ය ආයතනවල දී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා පවසනවා.

ඊයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වු වෛද්‍යවරයා කියා සිටියේ

“සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීමෙන්. එම නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම සිදු කර යුතු අතර ටැටූ ගැසීමේදී භාවිත කරන ඉදිකටු වෙනස් විය යුතුයි. HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමු වීම වැදගත්.”