hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 18, පෙ.ව. 7:44



සමෘද්ධි ප්‍රතිලාභින්ගේ අනිවාර්ය ඉතුරුම් ලෙස රදවාගනු ලැබු මුදල් සහ ප්‍රතිලාභින්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් යම් දායකත්වයක් ගෙන විවිධ අරමුණු ඉටුකරගැනිම සදහා ඇතිකරගත් මුදලින් රුපියල් 47,653,794,136ක මුදලක් ඉකුත් වර්ෂ 18 තුල දි රජයේ විවිධ කටයුතු සදහා ලබාගෙන ඇතත් මේ වනතෙක් එම මුදල් අදාල සමෘද්ධි බැංකු හා අරමුදල් වෙත ආපසු ගෙවා නොමැති  බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මහා භාණ්ඩාගාරයේ එකගතාවය මත අනිවාර්ය ඉතුරුම් ලෙස රදවාගනු ලබන සමෘද්ධි බැංකු සතු අරමුදල් සහ  ප්‍රතිලාභින්ගේ සහනාධාර මුදලින් විවිධ අරමුණු සදහා කපාගනු ලැබු අරමුදල් වලින් මෙකි මුදල 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 06කදි රජයේ විවිධ කටයුතු සදහා ලබාගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

අදාල මුදල ප්‍රතිපූර්ණය කිරිමට කටයුතු කරන ලෙස විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

මෙම මුදල් ප්‍රතිපූර්ණය කරදෙන ලෙස අඛන්ඩව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇතත් මෙතෙක් එම මුදල් ප්‍රතිපූර්ණය කර නොමැති බව සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙන බව වාර්තා වෙනවා.

මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපූර්ණය කිරිමෙන් පසු ක්ෂුද්‍ර මුල්‍ය අංශය වෙත පියවිමට කටයුතු කරන බවද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

 සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.