2022 ජූලි 07, ප.ව. 2:05
හැටන් සතොස ශාඛාව මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් රජයේ පාලන මිලට නිකුත් කිරීම නිසා ඊයේ (06) එම ශාඛාවෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් පෝලිම් වල රැඳී සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
හැටන් සතොස ශාඛාවට සහල්, පරිප්පු, සීනි, තිරිගු පිටි තොග ලැබි තිබූ අතර සුදු සහල් කිලෝවක් රු.210, නාඩු සහල් කිලෝවක් රු.200, රතු කැකුළු සහල් රු.210, සුදු කැකුළු සහල් රු.210, සීනි කිලෝවක් රු.280, රතු පරිප්පු කිලෝවක් රු.595, තිරිගු පිටි කිලෝවක් රු.250 ක මිලකට පාරිභෝගිකයන් අලෙවි කරනවා.
එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් විශාල පිරිසකට අලෙවි කිරිම සදහා පෝලිම් වල රැදි සිටි පාරිභෝගිකයන්ට සිමාවන්ට යටත්ව ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමට සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11