hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 12:35



කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සඳහා  පන්තියට ඇතුළත් වූ සිසුවකුට අමානුෂික අන්දමින් පහරදී නවක වදයට ලක්කළ බවට සැකපිට දාහත් හැවිරිදි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු බවද පොලිසිය සඳහන් කළා.

එම විදුහලේ අ.පො.ස. උසස් පෙළ නව පන්තියට ඇතුළු වූ සිසුවකුට මෙසේ නවක වදය ලබාදී පහරදී ඇති බවට පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රකාශ ලබාදී ඇති බවත් ඔහු ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වෙනවා.

පහරකෑ සිසුවාගේ නළල ප්‍රදේශය පුපුරා යෑමෙන් මැහුම් කිහිපයක් යොදා ඇති බවත් ඔහු පැය 24කට වැඩි කාලයක් නිසි පරිදි සිහිකල්පනාවෙන් නොසිටි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සැකකාර සිසුන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කළුතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු විසින් පරීක්ෂණ සිදුකරනවා.