hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 මාර්තු 06, පෙ.ව. 12:02



දින 170ක් සඳහා රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මේ වන විට එක් සිසුවෙක් සඳහා දිනක ආහාර වේලක් සදහා ලබා දෙන රුපියල් 85ක මුදල රුපියල් 110 දක්වා ඉහළ නැංවීමට ද අනුමැතිය හිමි වූ බවයි.

කෙසේ වෙතත්, පාසල් ආහාර වැඩසටහන වෙනුවෙන් සේව් ද චිල්ඩ්රන් සංවිධානය මගින් මේ වසර සඳහා තෝරාගත් පාසල් 917ක සිසුන් ලක්ෂ දෙකකට ආහාර ද්‍රව්‍ය 08ක් ලබා දීමට ද එකඟතාව පළ කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: