hit counter

2026 මැයි මස 27 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:20



ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය හෙට (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය 13 දා සිටත් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කරන්නේ.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා දෙස යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙන අතර එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් දෙක විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: