hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 30, ප.ව. 6:20



දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස නිවාඩු හිමි වන්නේ නොවැම්බර් මස 01 වනදා ය.

කෙසේ වෙතත්, මේ මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට එලෙස නිවාඩු ලබා දී ඇත.

මේ අතර, අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලටත් නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: