hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 නොවැම්‍බර් 09, පෙ.ව. 12:06



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ඇය මේ බව කියා සිටියේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ය.

ඒ අනුව  ඇය සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව එය සිදුකිරීමට නියමිත බවය.  

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවැන්නකී,

“අලුත් අවුරුද්දේ පාසල් ආරම්භ වෙද්දි පාසල් දරුවන්ට සහනයක් දෙන්න විශේෂයෙන්ම පොත් පත් ලබාගැනීමේ දී සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයට සැලසුම් අපි හදාගෙන යනවා…”