hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 23, පෙ.ව. 11:45



සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් පැමිණි පාසල් ගැරුවරියන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යවරයා අවශ්‍ය විනය ක්‍රියමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් සිතන බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පාසල් ගුරුවරියන්ට වෙනත් ඇඳුම්වලින් පාසලට පැමිණි බව ඇතැම් ගුරුවරියන් සමාජ මාධ්‍ය ජාලා තුළ සිය අදහස් පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළා,

“විෂය භාර ඇමති හැටියට සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා මේ සම්බන්ධව කිසිදු ආකාරයකින් වෙනස් කිරීමක් කරන්නේ නැහැ කියලා. මොක ද පාසල් පද්ධතිය කියලා කියන්නේ රටේ අනාගතය. ඒ නිසා බොහොම පැහැදිලිව පාසලක ගුරුවරියකට ඔසරියක් හරි සාරියක් හරි ඇඳගෙන ඒම තමා නීත්‍යනුකූලව සහ සංස්කෘතියත් ඒකක දීර්ඝ කාලීනව ආපූ අපේ පැවැත්ම. ඒක වෙනස් කරන්න යම් යම් NGO සංවිධාන නියෝජනය කරන නියෝජිතයන්ට වුවමනා වෙලා තියෙනවා. ඒ වුවමනාව විදිහට පාසල් පද්ධතිය විනාශ කරන්න කිසිසේත් රජයේ ඉඩ කඩ ලබා දෙන්නේ නැහැ. ඒ අනුව මේ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්  කටයුතු කරනවා.”