hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 4:08



සීදූව වෑත්තෑවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඝාතනය කර රටින් පලා යෑමට සූදානම් වීමේදී අත්අඩංගුවට පත් වූ චීවරධාරියා විහාරාධිපති හිමියන් ඝාතනය කර උන්වහන්සේගේ දේපොළ අත්පත් කර ගැනීම සඳහා මාස 3ක් තිස්සේ උත්සාහ දරා ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මේ චීවරධාරියා මුහුණුපොත ඔස්සේ දැන හඳුනාගෙන සිය පෙම්වතිය බවට පත් කර ගත් කාන්තාවගේ සැලසුමකට අනුව මේ ඝාතනය කර ඇති බවද පෙනී ගොස් තිබෙනවා,

එම කාන්තාව 23 හැවිරිදි තැනැත්තියක් බවත් 19 හැවිරිදි චීවරධාරියා ඇයට වශී වී මේ අපරාධය කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ තරුණිය හීනටියන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය මාස හතරකට පමණ පෙර ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

ඇය එරට රැකියාවක නිරතව සිටින්නේ වත්තල ප්‍රදේශයේ පදිංචි බව කියන මුස්ලිම් ජාතිකයකු යටතේයි.

විහාරාධිපති හිමියන්ව ඝාතනය කර උන්වහන්සේගේ දේපොළ අත්පත් කර ගැනීමට සිය පෙම්වතා වූ චීවරධාරියාව පෙළඹවීමට ඇයට උපදෙස්දී ඇත්තේ එම මුස්ලිම් ජාතිකයා බවද විමර්ශනවලින් අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන් ඝාතනයෙන් පසුව උන්වහන්සේ සතුව තිබූ ඩිෆෙන්ඩරය හා වැගන් ආර් රථය විකුණා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදල පවා උන්ඩියන් ක්‍රමයට එම මුස්ලිම් ජාතිකයා විසින් ඩුබායි වෙත ගෙන්වාගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී පෙනී ගොස් තිබෙනවා.