hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 5:04



නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ උපන්දිනය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 30ක ස්ථාන 200කට අධික ප්‍රමාණයකදී සමරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ, කොළඹ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල , නුවරඑළිය, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර ඇතුළු ඉන්දියාවේ ධර්මපුරි, පුදුකෝට්ටේ,තිරුචි, ශිවංගයි, නාමකල් ,දින්ඩුකල්, තිරුපූර්, මදුරෙයි, කීරනූර්, සේලම්,තංජාවූර්, මනාපරේ යන දිස්ත්‍රික්ක රැසක ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැඩි පිරිසකට ලබා දෙන ලදී. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් දිස්ත්‍රික්ක රැසක වැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත නිවාසවලට අයත් 5000කට අධික පිරිසක් මෙම අවස්ථාවන් වලට පැමිණ සිටියා.

එමෙන්ම ලේ දන්දීමේ කඳවුරු සහ රුක් රෝපණ වැඩසටහන් පාගමන් සැමරුම් ද පැවැත්වුණා.