hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 03, ප.ව. 12:52



ෂේඩ්ස් නිමි ඇඳුම් අලෙවි ආයතන ජාලයේ හිමිකාර කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන්වීමෙන් පසු ඔහුගේ ක්‍රෙඩිඩ්කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට්පත් 05ක් වෙන්කරගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහුගේ අතුරුදන්වීම ගැන පැමිණිලි ලැබීමෙන් පසු වැල්ලම්පිටිය පොලීසිය කළ මූලික විමර්ශනයකදී පෙනී ගොස් තිබුණේ ඉන්දුනීසියාව බලා යාමට මෙසේ ගුවන් ටිකට්පත් 05ක් වෙන්කරගෙන ඇති බවයි.

එමෙන්ම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු කටුනායක ගුවන්තොටුපොලේ ඇති සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 05ක පමණ වටිනා භාණ්ඩ එම ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මිලදී ගෙන ලබාගෙන ඇති බව ද හෙළිව තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ පසුගිය 30 වෙනිදා සවස 5.30ට ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටියේ පිහිටි නිවසින් පිටත්ව ගිය ගොස් ඇත්තේ ඔහුගේ වාහනයෙන්.

සවස 7.00ට පමණ මෙම ව්‍යාපාරිකයාගේ සහෝදරිය ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇතත් අතර ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැත.

පසුව ඔහු රාත්‍රී 7.29ට පමණ සිය නැගණියට දුරකතන ඇමතුමක් ගෙන තමාට ඇමතුම ලබාදුන්නේ ඇයි දැයි කියා විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළා.

එම ඇමතුමෙන් පසු සිය සහෝදරයාගේ ජංගම දුරකතනය පවා අක්‍රිය තත්ත්වයෙන් පැවති පවත් ඔහු අතුරුදන්ව සිටින බවටත් සඳහන් කරමින් නැගණිය විසින් පෙරේදා (01) වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

මේ අතර යම් සැකයක් මත නැගණිය ඇතුළු පවුලේ සාමාජිකයන් පැලවත්තේ පිහිටි නිවසට ගොස් ඊයේ කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් තොරතුරු අනාවරණය කළා.

ඔහුට අයත් සුවිසල් තෙමහල් නිවසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (02) සවස සොයාගෙන තිබුණා.

මළ සිරුර තිබී ඇත්තේ නිරුවතින්. සිරුර හදුනා ගැනීමට නොහැකි වන ලෙස ඉදිමී තිබී තිබෙනවා.

පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක්ද ඇති බැවින් පොලීසිය විශ්වාස කරනුයේ මෙය ඝාතනයක් විය හැකි බවයි.

හිසට පහරදීමකින් මෙම ව්‍යාපාරිකයාව ඝාතනයකර නිරුවත් සිරුරු අදගෙන විත් පිහිණුම් තටාකය වෙත දමා ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා.

ඊට ලේ පැල්ලම් සාක්ෂි දරණ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඔහුව ඝාතනය වී ඇති නිවස අලුත්වැඩියා සිදුකරමින් පවතින එකක් බවත් එහි තවමත් ඔහු ස්ථිර ලෙස පදිංචියට ගොස් නැති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා.