hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 25, ප.ව. 10:17



ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ශානුක කරුණාරත්න මහතා පත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

මිට පෙර ශානුක කරුණාරත්න මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2019 දි ස්වාධීන රුපවාහිනි සේවය නියෝජ්‍ය සාමන්‍යධිකාරි තනතුරේද සේවය කර තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහන නිවේදක ලෙස මාධ්‍ය ජිවිතය ඇරඹු ශානුක කරුණාරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ABC මාධ්‍ය ජාලය, සියත fm, ITN  මාධ්‍ය ජාලය, ඇතුළු මාධ්‍ය නලිකා කිහිපයකම සේවයකර තිබෙනවා.