hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 01, ප.ව. 4:25



වසර දෙකකුත් මාස නවයක කාලයක් යුද හමුදාපති ධූරය හෙබ වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් භටපිරිස් අමතමින් සිය ධූර කාලය තුළ ඔහු සමඟ සහයෝගයෙන් රාජකාරි කටයුතු සිදු කළ සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුද කළා.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමාගේ ගමන් මගෙහි සුවිශේෂී පූර්වාදර්ශකයෙක් වූ බවත් කණ්ඩභාර නිලධාරියෙකු ලෙස රාජකාරී ආරම්භ කරන විට තමාගේ ප්‍රථම කණ්ඩභාර සැරයන් වූ සැරයන් ජයසුන්දර මහතාගේ සිට මේ දක්වා රාජකාරී කළ සියලූම නිලධාරීන් හා සෙබළුන් තමා හට ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

වසර 39 ක යුද්ධ හමුදා සේවා කාලයෙන් වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීපය වෙලාගෙන පැවති ම්ලේච්ජ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වූ විවිධ මෙහෙයුම් මධ්‍යයේ ගතකරමින් යුද විජයග්‍රහණය ළඟා කර ගැනීම සඳහා උපරිම දායකත්වය දැක්වූ ගජබා රෙජිමේන්තු සාමාජිකයෙකු ලෙස තමාට මහත් අභිමානයක් හිතට දැනෙන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ‘නොහැක්කක් නොමැති‘ බව තමා සෑම විටම විශ්වාස කරන කරුණක් බවත් සමගිය‍, ශක්තියක් කර ගැනීමෙන් පැවරෙන වගකීම් සාර්ථකව ඉටුකිරීමට හැකියාව පවතින බවත් තමා විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළා.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් රටේ සියලූ ආයතනයන් හා සාමාන්‍ය මහජනතාවගේ සහයෝගය ලබා ගනිමින් ඊට දායක වීමට හැකිවීම පිළිබදව තමා ඉතාමත් සතුටුවෙන අතර, ඒ සඳහා ජනතාව දැක්වූ කැපකිරීමද විශේෂයෙන් අගය කරන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම වීඩියෝව පහතින්,

https://youtu.be/BWOVH_uOBeg