hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 7:04



2022 වසරේ “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචිත ‘The Seven Moons of Maali Almeida’ නැමැති කෘතිය වෙනුවෙන් හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය මෙම කෘතිය සඳහා පාදක කරගෙන තිබූ අතර එය ෂෙහාන් කරුණාතිලක විසින් රචිත දෙවන කෘතියයි.

ෂෙහාන් කරුණාතිලක එම සම්මාන වේදිකාවේ සිට අපූරු කතාවක් සිදු කරනවා.

‘මම මෙහෙම කියන්නම්. සෙවන් මූන්ස් පොත ලියන එකෙන් මම බලාපොරොත්තු වුණේ මේකයි. ඒ සඳහා අවුරුදු 10ක කාලයක් ගතවුණා. තේරුම් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ දූෂණය, වංචාව, ජාතිවාදය කියන දේවල් තාම අවසන් වෙලා නෑ, ඒවා අවසන් වෙන්නෙත් නැහැ. එය ශ්‍රී ලංකාව පිළිබඳ කියැවීමක්. එය වසර 10ක පමණ කාලයක් මුද්‍රණද්වාරයෙන් එළියට ආවේ නෑ. ඒක වෙන ම කතාවක්. ඒ වගේම මේ පොත පොත් සාප්පුවල රාක්කගත වෙලා තිබුණේ Fantasy කොටසේ. මම වැරදි නැත්නම් ගොඩක් අවස්ථාවල මේ පොත තිබුණේ Dragons and ynikon වගේ පොත් අතර. මේ පොතට දේශපාලන හෝ සාහිත්‍යමය කොටසේ ස්ථානයක් වෙන් වෙලා තිබුණේ නැහැ. කමක් නැහැ. මට අවසාන වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට මෙන්න මේ ටික කියන්නට ඕනේ. මේ පොත මම ඕගොල්ලන්ට ලිවුවේ. මේක දිනුමක්. රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක දිනුමක්. ළඟදී අපි නැමීබියාවටත් පරාජය වුණා. ඒකට කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු ගොඩාක් ගොඩාක් දුක් විඳිනවා. ඔවුන් ඒ දුකින් මුදවන්න මට ආයුධ නෑ. ඒත් අපි මේ ජයග්‍රහණය පිළිගමු. දැන් අපි කොහොම හරි ටී20 ලෝක කුසලානය ජයග්‍රහණය කරමු. ඇයි බැරි?’