hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 10:52



2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබෙනවා.

ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත්තේ.

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනවා.

ඔහුගේ පළමු නවකතාව වන “Chinaman” නැමැති ග්‍රන්ථය 2011 වර්ෂයේ දී එළිදැක්වූ අතර එය Rolling Stone, GQ සහ National Geographic යන ප්‍රකාශන ආයතන විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.