hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 9:30



වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීම නිසා මිය ගිය හය හැවිරිදි ෂෙහන්සා තත්සරණි සිසුවියන්ගේ මව අද (16) සෞදි අරාබියේ සිට සිය නිවෙසට යාම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇය එරට අවුරුදු 01 යි මාස 02 ක් පමණ ගෘහ සේවයේ යෙදී සිටියදී මෙම අනතුර සැළවීමෙන් මෙසේ හදිසියේම මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණා.

මෙහිදී ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ නිරෝෂා සමන්මලී මෙසේ පැවසුවා.

“මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයෙ දුවගෙ උපන් දිනේ. මම කතා කරල ඇහුවා , මොනවාද ඕනෙ කියලා . එයා කිව්වා කේක් ඕන කියල.මම කිව්වා මට තව මාස 08 ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි උනා . ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා , අන්තිමේ දී මගේ දුව නැති උනා. දැන් ඉන්නෙ මගේ පුතාල දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න.” යැයි අඩමින් පැවසුවා.

නිරෝෂා සමන්මලී 11/16 දින පස්වරු 02.25 ට මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 2273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , ඇය රැගෙන යාම සදහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.